මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් අමාත්‍යාංශ නිලධාරීන් සඳහා  සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් අමාත්‍යාංශ නිලධාරීන් සඳහා සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් එහි සමස්ත නිලධාරීන් සඳහා සංවිධානය කළ බැහැර ගත ක්‍රියාවිධ පුහුණු වැඩමුළුව 2024.12.28 දින කටාන ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විනි. එහි දී පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සුහදතාවය, කායික මානසික සෞඛ්‍ය මට්ටම යථාවත් කිරීම, කාලය කළමනාකරණය හා විශ්වාසය ගොඩනැගීම සඳහා විවිධ කණ්ඩායමි ක්‍රියාකාරකම් පැවිත්විනි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය. තව දුරටත් එතුමිය සඳහන් කර සිටියේ දේශපාලන බලපෑම් වලින් තොරව නීතිය හා…

ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩ භාර ගනී

ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩ භාර ගනී

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා 2024.11.25 වන අද දින බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගන්නා ලදී.

ගරු අමාත්‍යතුමා වැඩ භාර ගනී

ගරු අමාත්‍යතුමා වැඩ භාර ගනී

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ලෙස ගරු ආනන්ද විජයපාල මහතා 2024.11.19 වන අද දින බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාරගන්නා ලදී.