Categories: Latest News SI

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායෙල් තානාපති රූවන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් 2025 මැයි මස 19 වන දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදීී සිදු විය.

එහිදී දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කල අතර ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙල අගය කළ තානාපතිවරයා ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ඊශ්‍රායෙල් රජය ඉතා කැමැත්තෙන් සිටින බවද දන්වා සිටියේය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත්න මහතාද සහභාගී විය.

Off