2025 ජුනි 20 වන දින, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා මාලදිවයිනේ ගරු මහ කොමසාරිස් මසූද් ඉමාඩ් මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා හමු විය.
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන මාලදිවයින් ජාතිකයන් වෙත වීසා ලබා ගැනීමේ දී ඇති වන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Off