Categories: Latest News

2023 පොලිස්පති කුසලාන, ජාතික ශිෂ්‍යභට කදවුර දින 07 ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49 ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවන් 1,225 ක් සහභාගී විය.

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර පොලිස් විද්‍යාලයේ දී 2023.10.16 වන දින පැවැත්විණි.

2023 පොලිස්පති කුසලාන, ජාතික ශිෂ්‍යභට කදවුර දින 07 ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49 ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවන් 1,225 ක් සහභාගී විය.

මෙම කදවුරේ සමාප්ති උළෙල 2023.10.16 දින පැය 0830 ට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ගරු ලේකම් වියානි ගුනතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. මෙම අවස්ථාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.
මෙම උත්සවයේ අති දක්ෂතම බාලක ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස ලෙස මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය තේරීපත් වූ අතර අති දක්ෂතම බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලය තේරීපත්ව පොලිස්පති කුසලාන හිමිකර ගන්නා ලදී.

Off