Categories: Latest News

කොළඹ නගරයේ පිහිටි පොලිස්‌ නිලධාරීන්‌ නේවාසිකව සිටින නේචාසිකාගාර නවීකරණය කර එම පොලිස්‌ නිලධාරීන්ට වඩාත්‌ පහසුවෙන්‌ තම රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය චන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සියළු පහසුකම්‌ සහිතව නවීකරණය කිරීමේ විශේෂ ව්‍යපෘතියක්‌ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතා විසින්‌ ආරම්භ කර ඇත. මේ සඳහා ශ්‍රි ලංකා ආයොජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්‌ අනුග්‍රහය දැක්වීම සිදුකරනු ලබයි.

එහි පළමු පියවර වශයෙන්‌ කොටුව පොලිස්‌ වසමේ ඩී.ආර්‌. විජේවර්ධන මාවත පිහිටි කොටුව පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ගේ නේචාසිකාගාරය හා නව භොජනාගාරය නවීකරණය කර 2023.12.13 දින පස්වරු 3.00 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්‌ අලස්‌ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්‌ සහ වැඩ බලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන්‌ විවෘත කරන ලදී.  

Off