Categories: Latest News

“විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එක ම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරනවා.”

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා 2024 නව වසර වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී සිදු විය.

එම අවස්ථාවේ අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල කාර්ය මණ්ඩල අමතමින් අදහස් දැක්වූ වියානි ගුණතිලක මහතා, රටත්, ජනතාවත් රාජ්‍ය සේවය තුළින් බලාපොරොත්තු වන කාර්යභාරය වඩාත් ඵලදායි ලෙසත් යථාර්ථවාදී ලෙසත් ඉටු කිරීමට  සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුයි. අමාත්‍යංශයක්‌ වශයෙන් විශාල මහජන සේවාවන් රැසක් සපයන දෙපාර්තමේන්තු පහක් අප යටතේ ක්‍රියාත්මක වනවා. එම සියලුම අංශවල  නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළින් ජනතාවට වඩාත් සමීප සේවාවක් සැපයීමට හැකියාව ලැබෙනවා. අමාත්‍යංශයේ විෂය භාර කටයුතු කරන ටිරාන් අලස් මහතා ඒ ඒ විෂය සම්බන්ධව ඉතාමත් පුළුල් අවබෝධයක් සහිත ව එතුමාගේ කාලය සහ ශ්‍රමය අමාත්‍යංශයේ දියුණුව වෙනුවෙන් කැප කිරීම මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ නායකත්වය තුලින් තවදුරටත් ශක්තිමත් මේ වසර සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. එම පසුබිම යටතේ පසුගිය කාලය තුළ ජනතාව සමාජ මාධ්‍ය තුළ ද මෙම ආයතන පිළිබඳ බොහෝ ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමේ තත්වයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම ජනතාවට වඩාත් පහසු සහ සමීප සේවාවක් ලබා දීම සඳහා විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එක ම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරනවා.

Off