මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩ භාරගැනීම.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා 2020.12.14 වන අද දින පෙරවරු 09.10 ට යෙදුණු සුභ මොහොතින් ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුකරන ලදී. 

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ජගත් අබේසිරිගුණවර්ධන මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ ගරු සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි විය.