කොළඹ උතුර පොලිස් කොට්ඨාශයේ මෝදර පොලිස් බල ප්‍රදේශය තුළ මිහිජයසෙවන නව පොලිස් ස්ථානය විවෘත කිරීම.

බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරලීම සඳහා නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ සංකල්පයට අනුව කොළඹ උතුර පොලිස් කොට්ඨාශයට අයත් මෝදර පොලිස් බලප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් ඊයේ (2021-06-11) විවෘත විය.
මෙම ප්‍රදේශයේ සුලභ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම මෙන්ම පවතින CoViD19 වසංගත තත්ත්වය හමුවේ පොලිසිය විසින් ජනතාවට සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමත් මෙම පොලිස් ස්ථානය පිහිටුවීමේ අරමුණකි. එමගින් එම බල ප්‍රදේශය තුළ ජීවත් වන 17,000 පමණ වූ ජනතාවකට සෙත සෑදෙනු ඇත.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක්ද එක්විය.